නව පනතින් පෝට් සිටිය ලංකාවට අයිති නෑ.. එය චීනයේ ප‍්‍රාන්තයක්…

By Wasantha Apr 18, 2021 06:30 AM GMT
Wasantha

Wasantha

Report

‘අපි සියලු දෙනා වසර තිහක් බරපතල කේදවාචකයකට මුහුණ මුහුණ දුන්නා. ඒ අවි බලයෙන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී ක්‍රියා වලින් රටෙන් කොටසක් අපෙන් උදුරගන්න සුදානම් වූ එල් ටී ටී ත්‍රස්තවාදයට. මේක අවුරුදු තිහක අරගලයකින් අවසන් කලා. සත්‍ය වශයෙන්ම අපි ශ්‍රී ලංකා වාසී හැමදෙනාම ජයග්‍රහණය කලා. දැන් අපිට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ ඒ වගේම අරගලයකට ඒ ආයුද සන්නද්ද ක්‍රමයකින් රටේ කොටසක් ගන්නා එකක් නෙවෙයි දැන් වෙනත් උපාය මාර්ගික ක්‍රම මගින් රටේ කොටස් අත්කර ගන්නට යන උත්සාහයන්’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් පල කරන ලදී. ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙසේ අදහස් දැක්වීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, ‘අපි ඒක දකිනවා වරාය නගරය නමින්. නැත්නම් නවීන චීන කොළණිය. වරාය නගරය නිර්මානය වෙලා තියන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ඉදිරිපත්වී තිබෙන යෝජනා වලියක් අපි දැක්කා. ඉතාමත් පැහැදිලියි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහිවෙන්නට යන බව. චීන කොලණිය. නව චීන යටත් විජිත කොළණිය බිහිවෙන්නට නියමිතයි මේ වරාය නගරය වැඩපිළිවෙල යටතේ. ඉතාමත් සරලව අපි දන්නා කාරණාවක් තමයි මේ රටේ සෑම බිම් අගලක්ම පරිපාලන වශයෙන් වෙන් වෙලා තියනවා මහජන නියෝජිතයන්ගේ වගකීමට. ඒක ඒ නියෝජිතයා මගින් පාර්ලිමේන්තුව නියෝජනය වෙනවා. රටේ සෑම කොටසක්ම පාර්ලිමේන්තුවට වගකීම පැවරෙනවා. මහජන නියෝජිතයන්ට වගකීම පැවරෙනවා. නමුත් නව චීන කොළණිය වශයෙන් හදුන්වාදීමට නියමිතව තිබෙන මේ වරාය නගරය බිම් කඩ අක්කර 1115 ක මහා බිම් කඩ රටේ පාලන බලයට යටත් නැහැ. ඒ සදහා නියෝජිතයන් නැහැ. ඒ බිම් කඩට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නියෝජනයක් නැහැ පාලනයක් නැහැ. ජනාධිපති වරයාගේ කැමැත්තෙන් පත් කරන පස් දෙනෙකුගෙන් යුත් සභාවකට තමයි ඒ බලය පැවරෙන්නේ. තීන්දු තීරණ ගන්නේ එතනින් ඒ නිසා අපි අහනවා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක සභාවේ වාඩිවෙලා ඉන්න නියෝජිතයෝ මේකේ බරපතල තත්වය දන්නවද. එසේ දන්නවනම් අපේ රටේ කොටසක් වෙනත් විදියට වෙනත් රටක කොළණියක් බවට පත්කිරීමේ ශාපයට ඔබ සම්බන්ද වෙනවාද නැද්ද යන්න කියන වග. ඔබ අලුත් අවුරුද්දේ ගත යුතු තීරනයක්. නව යටත් විජිතවාදය එන්නේ අලුත්ම උපායමාර්ග හරහා. බිහිවීමට නියමිත නව චීන කොලණිය ප්‍රතික්ෂේප විය යුතුයි. එය මේ රටේ ස්ථාපිත නොවිය යුතුයි. ජනාධිපතිතුමා මේ රජයට වගකිව යුතු හැමදෙනාටම අපි කරුණාවෙන් මතක් කරන්නේ අවුරුදු කිහිපයකට බලයට එන ඔබලාට අයිතියක් නැහැ යුතුකමක් නැහැ ෂතවර්ශ ගණනාවකට රටේ බිම් කොටස් එක් එක් රාජ්‍යයක් සදහා දෙන්න, බදු දෙන්න සහ විකුණන්න. එක රටක් එක නීතියක් කියන සංකල්පය පෙරට ගෙන බලයට පත්වුනු පාලක පිරිසට කිසිදු අයිතියක් හෝ වගකීමක් නැහැ කිසිම ධාර්මික අයිතියක් හෝ යුක්තියක් නැහැ රටේ එක් බිමිකඩක් වෙනත් රටක ආදිපත්‍යයට ලක් කරන්න. අපිට පේනව චීනය මුල් කරගත් නව යටත් විජිතවාදයක ඇරබුමදමේ කියල’