හිටපු ජනපතිට කාර්ය මණ්ඩලය 2500ක්...වාහන 1000ක්.

Maithripala Sirisena
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Thaya

Thaya

Report

රටේ තිබුණ රාජ්‍ය සමිපත් විශාල ප්‍රමාණයක් විනාශ කරපු , මෙි රටෙි තිබුණ රාජ්‍ය දේපල කුඩු පටිටමි කරල ගිනි තියපු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කියනවා ආණ්ඩුව ෆේල් පාරට බහින්න හැලැස්ති වෙන්න කියලා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධීකාරක කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවෙි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සිවිවැනි සංවත්සරය වෙනුවෙන් බලන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිත සමිමෙිලනයට 07 දා පස්වරුවේ එක් වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අකිල සාලිය එල්ලාවල මහතා මෙසේද කිය

අනුර කුමාර දිසානායක කාටද මේ කියන්නේ ? ගෝඨාභය රජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නා ජනතාවට. එහෙමත් නැත්නම් නවවැනි පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්න ජනතාවට. ඔහොම කියන්න අනුර කුමාර දිසානායක කවුද ? මේ රටෙි තරුණ තරුණියන් ටයර් සෑයවල්වල දාපු,අපේ මහා සඝරුවන ටයර් සැයවල්වල දාපු මෙි දේශත්දෝහීන් තමයි කියන්නේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න හැලැස්ති වෙන්න කියලා. මිත්‍රවරුණි අනුර කුමාරලා හැමදාම හිටියේ පාරේ තමයි. ඉදිරියටත් ඉන්න වෙන්නේ පාරේ තමයි. ඒක මතක තියා ගන්න ඕනි.

මේ ගෝඨාභය රජපක්ෂ මහතාගේ ආණ්ඩුව හරි මග යනවා කියන එක මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය්‍ය මණ්ඩලය දෙදහස් පන්සියකට ආසන්න ප්‍රමාණයක් හිටියා. ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපතිවෙලා පැය විසි හතරක් යන්නට කලින් එය දෙසිය පනහක ප්‍රමානයකට අඩු කලා. ඒ කාලේ ජනාධිපතිවරයාගේ නිළරථ දාහක් විතර තිබුණි. නමුත් ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ නිළ රථ තුනයි. ඇමතිවරුන් යන්නේ එක නිළ රථයක. මේ ආණ්ඩුවෙි මාර්ග සංදර්ශන නැහැ. මහජන මුදල් නාස්තිය නැහැ. කොරෝනා වෛරස මුළු ලෝකයම වෙලාගෙන සිටින මොහොතක එයට සාර්ථකව මුහුණ දෙමින් රටෙි සංවර්ධන ඉදිරියට ගෙන ⁣යන්න ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ පක්ෂය අගමැතිවරයා ප්‍රමුඛ අපේ ආණ්ඩුව කටයුතු කරන බව අකිල සාලිය එල්ලාවල මහතා වැඩිදුරටත් පැවැසීය. එම අවස්ථාවට හිටපු අමාත්‍ය ජෝන් සෙනවිරත්න ,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ ,බලන්ගොඩ සහ ඉඔුල්පේ ප්‍රදේශිය සභාවල සභාපතිවරුන් බලන්ගොඩ නගරසභාවෙි විපක්ෂ නායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.