අගමැති ඉවත් කරන්න හිටපු අගමැති පුතුන් කරලියට එයි...ජනවාරි 31 ඉවත් වන්නැයි තර්ජනය කරයි
ජනවාරි මස 31 වන විට අගමැති ඉමිරාන් ඛාන් ධුරයෙන් ඉල්ලා අස් නොවුණහොත් ඔහු ඉවත් කිරීම සදහා අගනුවර වන ඉස්ලාමාබාදය තෙක් දැවැන්ත පාගමනක නිරත වන බව පකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිල්වාල් සර්දාරි භුතෝ ප්‍රකාශ කර තිබෙනවා.
පක්ෂ 11 කින් යුත් විපක්ෂ සන්ධානය මේ සදහා සැලසුම් සකස් කර ඇති බව හිටපු අගමැතිනි බෙනාසිර් භුතෝගේ 13 වන ගුණානුස්මරණය නිමිත්තෙන් එරටදී පැවති දැවැන්ත ජනරැලියක් අමතමින් බිල්වාල් සර්දාරි භුතෝ ප්‍රකාශ කළේය.
එරට විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ පකිස්තානයේ හිටපු අගමැතිවරියක වන බෙනාසිර් භුතෝගේ පුතෙකු වන බෙනාසිර් භූතෝගේ පුතු වන බිල්වාල් සර්දාරි භූතෝ සහ හිටපු අගමැති නවාස් ෂෙරීෆ්ගේ දියණිය වන මේරියම් නවාස් ශෙරීෆ්ය.
ඉමිරාන් ඛාන් අගමැතිවරයා අසාර්ථක පාලකයෙකු බවට චෝදනා කරන පකිස්තාන විපක්ෂ සන්ධානය ඔහුගේ පාලනය යටතේ පකිස්තාන ජනතාවගේ ජීවන තත්වය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බවටද චෝදනා නගයි.
පකිස්තාන පාලක පක්ෂයට එරෙහිව එරට විපක්ෂ සංධානය මේ වනවිටත් ප්‍රාදේශීය වශයෙන් දැවැන්ත විරෝධතා රැලි ගණනාවක් පවත්වා ඇති ජනවාරි මාසයේදී එය තවදුරටත් පුලුල් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.