ETI හිටපු අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනේ

Arrest
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් අවභාවිතය, වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය හා වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දහවල් නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මොවුන් මීට පෙර ස්වර්ණමහල් ආයතනයේ සිදුකළ මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ දී ETI ආයතනයේ සිදුකළ මුදල් වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි