තවත් ප්‍රධාන ගංගාවක් පිටාර ගලයි.. ප්‍රදේශ රැසකට ගංවතුර අවධානමක්

floods rathnapura kuruvita alapatha ayagama
By Sewvandhi May 25, 2021 02:26 AM GMT
Report

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව කළුගග රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලමින් තිබේ.

මේ වන විට රත්නපුර නගරය හා අවට ප‍්‍රදේශය ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා පහත් බිම් ජලයෙන් යටවෙමින් ඇත.

කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

තවදුරටත් ගංගාවේ ජල මට්ටම ගිහින් ඉහළ යමින් පවතී. ගංගාවේ ඉහල ප‍්‍රදේශවලටත් තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින නිසා පහත්බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු වන්නැයි දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery