අතව'රයට ලක්වූ පස් හැවිරිදි දැරියට බරපතළයි දෙදරු පියා අත්අඩංගුවට

Sexual abuse
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

පස් හැවිරිදි කුඩා දියණියක් අමානුෂික ලෙස අපයෝජනයට ලක්ව පෙරේදා (10 දා) රක්වාන ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි රක්වාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. ඒ. පී. බමුණුසිංහ මහතා පවසයි.අපයෝජනයට ලක්ව ඇති දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහ රෝහල වෙත යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සැකපිට හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය විසින් ඊයේ (11 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.මොහු සිය බිරිඳගෙන් වෙන්ව සිටින අයකු බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අතවරයට ලක්වූ දැරියගේ පියාට අයත් වත්තක සේවකයකු ලෙස කලක් සේවය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පසුගිය දහවනදා පෙරවරුවේ නිවසේ කිසිවකු නොමැති වේලාවක දැරිය රවටාගෙන අසළ පිහිටි ලඳු කැලෑවකට රැුගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රක්වාන පොලීසිය පවසයි.සැකකරු ඊයේ (11 දා) මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර රක්වාන පොලිස් ස්ථානාධිපති බී. ඒ. ඒ. පී. බමුණුසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (32292) විජේරත්න, (7661) ආනන්ද, (38838) නන්දන සහ (37341) බණ්ඩාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.