ගංජා හෙන් පහක් වටලා රුපියල් ලක්ෂ දහයක ගංජා සමගින් සැක 5 ක් අත්අඩංගුවට...
හම්බෙගමුව අලුත් වැව අන්නාසිගල කන්දපාමුල රජයේ රක්ෂිතායේ ඉතා රහිසි ගතව පවත්වාගෙන ගිය ගංජා හේන් පහක් වටලා රුපියල්ලක්ෂ දහයක් (10 00000/-) වටිනා ගංජාතොගයක් සමගින් සැකකරුවන් 05 දෙනෙකුසුරාබදු නිලධාරීන් පෙරේදා (20) අළුයමඅත්අඩංගුවට ගෙන ඇත
සුරාබදු නිලධාරින් බොරු වලවල් හා මරඋගුල් වලින් කැලෑව තරණය කොට ඉතා සුක්ෂම අයුරින් ගොස් ගංජා හේන් සොයා ගැනීමට සමත්වීඇත.
සැකකරුවන් අක්කර කාලක භූම් ප්‍රමානයකගංජා වගාව සිදුකර ගෙන ගොස් ඇති අතර එහි තිබු අඩි 3 ක් 6 ක් උසට වැවී තිබු ගංජා ගස්සියල්ල ගලවා විනාස කලබව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිලකුමාරසිංහ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එදිනම ම වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත්කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනාට රුපියල් දෙලොස්දාස් පන්සියයකදඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි හා සුරාබදු කොමසාරිස් කපිලකුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,සබරගමුව පලාත් සහකාර සුරාබදු කොමසාරිස්(වැඩබලන)ශාමන් රත්නායක මහතාගේ මගපෙන්වීම මත, සුරාබදුඅධිකාරි (වැඩබලන) පත්මකුමාර මහතාගේ අධික්ෂණය යටතේ ඇඹිලිපිටිය සුරාබදු ස්ථානාධිපතිසරත්චන්ද්‍ර , රත්නපුර සුරාබදු ස්ථානාධිපති සුනිල් පෙරේරා,සුරාබදු පරික්ෂක ප්‍රසාද් මහතා, සැරයන් (872) අරවින්ද ,කෝප්‍රල්( 976) අජිත් , සුරාබදු නියාමකවරුන් වන (878) නලින් ,(974) සමන්ත , (1109) මධුර විතානගේ ,( 1114)ජනක ,( 1063) ශ්‍රිලාල් ,( 1120 )ගිහාන් සේනාරත්න , සුරාබදු රියදුරන්වන දුමින්ද , සුදිප යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

