කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් 5ක් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි

Test Squad
By Thaya Jan 20, 2021 07:34 PM GMT
Report

එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.

ආබාධයක් හේතුවෙන් නායක දිමුත් කරුණාරත්න නිදහස් කර ඇති අතර කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, ළහිරු කුමාර හා නුවන් ප්‍රදීප් යන සෙසු ක්‍රීඩකයන් සිවුදෙනාද සංචිතයෙන් නිදහස් කර තිබේ.

මෙම ක්‍රීඩකයන් පස් දෙනා කොළඹ පිහිටි උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුවීම් කිරීමට නියමිතය.

මේ අතර නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා නොකරන හෙයින් දෙවැනි තරගයද දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවීමට නියමිතය.