ධීවර හා ජලජීවී වගාව සදහා ඇහෙන සතුටුදායී ආරංචිය
ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ධීවර කර්මාන්තයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා හැරීමේ සහ ධීවර හා ජලජීවී වගාව තිරසර ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති අතර කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව එය වරින්වර යාවත්කාලීන කර තිබේ .
එහෙත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා පියවර ගෙන නොමැත.
ඒ වගේම වත්මන් රජයේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව රජයේ ආර්ථික හා සංවර්ධන අරමුණු සමඟ සමපාත වන සේ ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් නැවත කෙටුම්පත් කරනු ලැබ ඇත.
ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ.
ඒ අනුව, ධීවර හා ජලජීවී වගා ජාතික ප්‍රතිපත්තිය අනෙකුත් අදාළ ප්‍රතිපත්තිවලට ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.