මාළු මිලෙහි එකවර සිදු වූ වෙනස..
By krishani
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මත්ස්‍ය මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව මේ වනවිට පහත වැටී ඇති බව එහි තොග ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා කියා සිටියේ ය.
කෙසේවෙතත් ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වනු මේ වනවිට ලැබෙමින් පවතින බව ඔහු පැවසීය.
පසුගිය මාසයේ දී තලපත් මසුන් කිලෝග්‍රෑමයක් රුපියල් 3,000කට ආසන්න මිලකට අලෙවි වී තිබුණේ ය.
එසේම මීට මාසයකට පෙර රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වී සාලයන් කිලෝග්‍රෑමයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 350කට වේ.
ලින්නා සහ බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 800කට මෙන්ම ඉස්සන් සහ දැල්ලන් වැඩි වශයෙන් අලෙවි වන අතර, ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,500කට මිල දී ගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |