තීරණාත්මක තරගයට තව පැයගාණයි - හදිසියේම නවසීලන්ත ශ්‍රී ලංකා තරගයේ වෙනසක්?
තොරතුරු වාර්තා වන ආකාරයට නවසීලන්තය සමග අද රාත්‍රී 7 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි 8 වටයේ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2 ක් සිදුවනු ඇත.
වාර්තා වන ආකාරයට මුල් පෙළ පිතිකරුවෙක් ලෙස චරිත් අසලංක සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස ජනිත් ලියනගේ කණ්ඩායමට එක් කර ගැනීමට තීරණය කර ඇත.
ඊට අනුව පෙර තරගවල අසාර්ථක වූ කමිල් මිෂාර සහ දුෂාන් හේමන්තට හෝ මහීෂ් තික්ෂණ යන දෙදෙනාගෙන් එක් අයෙකුට අද තරගය අහිමිවනු ඇති බවත් වාර්තා වේ.