භයානක හෙළිදරව්වක් - නොරොච්චෝලේ නිසා පිළිකා අවදානමක් - විශේෂඥ වෛද්‍ය කියයි

Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව් නවයකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු අඩංගු බවට තහවුරු වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඔහු පැහැදිලි කර සිටින්නේ බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් රජයට රුපියල් මිලියන 8000කට ආසන්න මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත්, සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බවත්ය.

ජනතාව අනතුරේ - පොලිස් වෙසින් එන මාරකයක් - වහාම මේ අංකයට අමතන්න

ජනතාව අනතුරේ - පොලිස් වෙසින් එන මාරකයක් - වහාම මේ අංකයට අමතන්න

ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ ආර්ථික හා බලශක්ති ක්ෂේත්‍රයට සිදුව ඇති හානියට අමතරව, මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා අදාළ ප්‍රදේශවල ජීවත් වන ලක්ෂ දෙකකට ආසන්න ජනතාවකට පිළිකා රෝග වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවයි.

එම සෞඛ්‍යමය බලපෑම සලකා හෝ මෙම සිදුවීම සුළුකොට තැකීමට අල්ලස් කොමිසමට නොහැකි බව ඔහු පවසා ඇත.

නොරොච්චෝලේ බලාගාරය කැඩෙයිද? බාල ගල්අඟුරු නිසා මාර්තු 1 සිට රටේ විදුලියට ලොකු පහරක්

නොරොච්චෝලේ බලාගාරය කැඩෙයිද? බාල ගල්අඟුරු නිසා මාර්තු 1 සිට රටේ විදුලියට ලොකු පහරක්

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ පැවසීය,

"අල්ලස් කොමිසම ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කළද, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධ සිදුවීම්වලදී එම කොමිසම ගන්නා තීරණ පිළිබඳව ජනතාව ප්‍රශ්න කරමින් සිටිනවා. මෙම ගල් අඟුරු ගනුදෙනුවට වගකිව යුතු සියලු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. එවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමට අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත."  

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර