කොරෝනා එන්නත මෙරට පළමුවෙන්ම දුන්න පිරිස මෙන්න.
Covid-19
Army
By Thaya
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29) පළමුව යුද හමුදා රෝහලේදී ආරම්භ විය.
එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගනු ලැබීය.
මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.
බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.


