2021 නව වසරේ පළමු පුර පසළොස්වක් පොහොය දිනය අදයි.

Religion
By Thaya Jan 29, 2021 06:46 AM GMT
Report

බුදු සිරිපා පහසින් පළමුවරට සිරිලක වන්දනීයත්වයට පත් කළ උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුද්ධත්වයෙන් 09 වැනි මස දුරුතු පුර පසළොස්වක් පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කර ඇත.

ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි.

බුදුරදුන් හමුවේ ධමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීයි.