ඊයේ රාත්‍රී ප්‍රදේශ කිහිපයක ගිනි ගැනීම්..වහාම පොලිසිය පරික්ෂණ අරඹයි.

Police Horana Kaluthara Fires in several areas Rakwana
By Aruna May 02, 2021 03:09 AM GMT
Aruna

Aruna

Report

 හෝමාගම තලගල ප්‍රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගින්න නිවීමට උත්සහ කළ ද එය අසාර්ථක වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර මොරගහහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

මේ අතර, මොරගහහේන, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක ද හදිසි ගින්නක් හට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය, හොරණ හා කළුතර ගිනි නිවීමේ ඒකක ගෙන්වා ගින්න මැඩපවත්වා ඇත. ගින්නෙන් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති අතර, දේපල හානි පමණක් සිදුව තිබේ.

මේ අතර රක්වාන නගරයේ කඩසාප්පු කිහිපයක ගින්නක් ඇති වී තෑගි භාණ්ඩ හා රෙදි කඩසාප්පු 4කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පුද්ගල හානි කිසිවක් නොමැති අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa