සතුට තියෙන්නෙ කොතැනද?

By Kanchana Oct 05, 2025 07:09 AM GMT
Report
Courtesy: Deli

අපි හැමෝම එක එක විදිහට සතුට හොයනවා.මම සතුට විදිහට දකින දේ නෙවෙයි තව කෙනෙක් සතුට විදිහට දකින්නෙ. මම කැමතියි බයිසිකලේ යන ගමන් පොඩි කඩේක නතර වෙලා පොඩි වඩයක් කන ගමන් ප්ලේන්ටියක් බොන්න. ඒත් තව කෙනෙක්ගේ ආශාව වෙන දෙයක් වෙන්න පුළුවන් . BMW එකක යන ගමන් හොදම හොද රෙස්ටූරන්ට් එකක කෑම වේලක් කන එක තව කෙනෙක්ගේ සතුටට හේතු වෙන්න පුළුවන්. මිනිස්සු විවිධාකාරයිනේ. මම ආස දේට ඔයා අකමැති වෙන්න පුළුවන්. ඒත් එක්කෙනාගෙ කැමැත්තට අපි ගරු කරන්න ඕනේ..

ආදරය ප්‍රේමය කියන කාරනාවෙදී ඒත් එහෙමයි. තමන් ආස දේට අනිත් කෙනා ආස නොවෙන්න පුළුවන් ඒත් ඒ හැමදේම සම සිතින් දරාගෙන ජීවිතේ ගෙන යන එකට තමයි ජීවිතය කියන්නෙ. බොහෝ විට කවි ලස්සනයි කතා ලස්සනයි ඒ කවියක් කතාවක් වෙන තරමටම. මොකද අපි කොයිතරම් නම් අසමත ප්‍රේමය ගැණැ කවි කතා කියවනවද ලියනවද ඒත් අපි හිතන තරම් අසම්මතය සුන්දර නම් නැහැ.

සතුට තියෙන්නෙ කොතැනද? | Finding Happiness In Life

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා

කිව්වට කොයිතරම් නම් මිනිස්සු මේ අසම්මත ප්‍රේමය නිසා දුක් විදිනවද ,තමන්ගේ සැමියා වෙන කෙනෙක්ගේ වෙනවට තමන්ගෙ බිරිද වෙන කෙනෙක්ගේ වෙනවට කව්ද කැමත්. ඉතිං ඒ ආදර කතා ලස්සනයි කවිවලට, සිංදුවලට. අපි එකිනෙකාගෙ හැගීම් වල්ට ගරු කරන්න ඕනෙ කිව්වට මෙහෙම අසම්මත ආදර කතා වලට එකග වෙන්න ඕනෙද නැහැ නේද අපි සතුට හොයන්නෙ තව කෙනෙකට දුකක් වේදනාවක් දීලා නම් ඒ සතුට තාවකාලිකයි. ඉතිං ප්‍රේමය සෙවිය යුත්තේ තමන් තව කෙනෙක්ට වේදනාවක් දීලා තව කෙනෙක්ගේ සතුට උදුරගන නම් නෙමේ.

අපිට අපිටම ආදරේ කරන්න පුළුවන්. තමන්ට ගැළපෙන ප්‍රේමයක් නැතිනම් තනිවම ජීවිතේ විදින්න පුළුවන්. හැබැ‍‍යි තව කෙනෙකුට අයිති ප්‍රේමයක් තමන්ගෙ කර ගන්න හොද නැහැ. ඔව් ඔයාට පුළුවන් තනියම මුහුදු වෙරළක සුන්දරත්වය දකින්න. තනියම කඩේකට ගිහින් තමන් ආස දෙයක් කන්න.

සතුට තියෙන්නෙ කොතැනද? | Finding Happiness In Life

එහෙමත් නැත්නම් film එකක් බලන්න. ඔව් ඔයාගෙ සතුට ඔයාම හොයාගන්න හැබැයි තමන්ට සතුටක් වෙන කෙනෙක්ගෙන් හොයන්න ගියෝතින් වෙන්නෙ මට දැනෙන විදිහට වෙන්නෙ ඔයාට එයා ජීවිතේ අහිමි වුණොත් ජීවිතේ සතුට ඈතට යනවා. ඉතිං තමන්ගෙනම සතුට හොයන්නට පුරුදු වෙමු. සතුට කියලා අසම්මතය තෝරගත්තොත්, ජීවිතය විදින්න කියලා නොගැළපෙන දේවල් කළොත් සතුට කියන දේ අපෙන් ඈතට යනවා. තමන් සතුට හොයන්න තෝරගන්නේ මත් ද්‍රව්‍ය එහෙමත් නැ‍ත්නම් අසම්මත ප්‍රේමයක් වගේ දෙයක් නම් ඔබට ඇත්තටම සතුක් තියනවද කියලා කල්පනා කරන්න වෙනවා.

තවත් කෙනෙක් ජීවිතේම සල්ලිම කියලා හිතනවා. සල්ලි ජීවිතේට ඕනි තමයි ඒත් ජීවිතේම තියෙන්නෙ සල්ලි වල නොවන බව තේරුම් ගන්න ඕනේ.

අපිට ජීවිතේ වැරදෙන්න ප්‍රධානම හේතුවක් තමයි සල්ලිම්ස් ජීවිතේ කර ගැනීම එවගේම, අනවශ්‍ය දේවල් තුළින් සතුට හොයන්නට යෑම.

ප්‍රේමය තුළ සතුටු වෙන්නට අසම්මත නොවූ සුන්දර ප්‍රේමයක් ඔබටත් මුණ ගැසේවා, ඒ වගේම ජීවිතය මුදල් අවශ්‍ය වුණත් ජීවිතයේ සතුට සල්ලි වලින් ගන්නට නොහැකි වග තේරුම් ගනීවා.

සතුට තියෙන්නෙ කොතැනද? | Finding Happiness In Life

මුණ ගැසුණොතින් අසම්මතයේ ප්‍රේමයක්
නොදැක්කා ලෙස නොවිද යන්නට
මුදල් ඉදිරියේ සියළු දේවල් අමතක නොවන්නට
සතුට හොයන්නට ඔයාටත් පුළුවන් ඔයාගෙන්
මතකද පොතේ හිටිය පොලියානා වගේ..