ඔබගේ නියපොතු මගින් සෞඛ්‍යය පිලිබදව පවසන දෑ දැනගන්න
ඔබගේ නියපොතු මගින් ඔබගේ සෞඛ්‍යය පිලිබදව පවසන දෑ බොහොමයක් ඇති අතර ඔබ ඒවා නොදන්නවා වන්නට පුළුවන්. ඔබ මද වෙලාවක් ගෙන මෙම ලිපියෙහි සදහන් වන කරුණු කියවා ඔබගේ සෞඛ්‍යය ගැටළු පිලිබදව දැනුවත් වන්න.
දුර්වල නියපොතු
ඔබ වියපත් වන විට ඔබගේ නියපොතු නැමෙන නමුත් මෙය ශරීරයේ විටමින් A, C සහ හිසකෙස් සහ නිය වර්ධනයට අවශ්‍ය වන විටමින් B ඌණතාවය නිසා ඇතිවේ.
සුදුමැලි වූ නිය
ඔබගේ නියපොතු වල ඉහල කෙලවර පහල ප‍්‍රදේශයට වඩා සුදු පැහැයෙන් වැඩි නම්, මෙමගින් “cirrhosis” නමින් හදුන් වනු ලබන අක්මා රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.
නියපොතු හරහා ඉරි ඇතිවීම
නිය හරහා තිරස් රේඛා ඇතිවීම මගින් මානසික ආතතිය පෙන්නුම් කරනු ලබයි.
සුදු පැහැ ගැන්වුණු නිය
ඔබගේ නියපොතු උපතේ සිටම සුදුපැහැ ගැන්වී ඇත්නම් එය එහි ස්වාභාවය වේ නමුත් මෙම ආකාරයට පසුව නිය වෙනස් වීම මගින් දියවැඩියාවේ හා වකුගඩු රෝග වල ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.
කහ පැහැයට හැරුණු නිය
බොහෝවිට මෙම තත්වය දිලීර ආසාදනය වීම මගින් ඇති වේ. මෙමගින් තයිරෝඩි ග‍්‍රන්ථි වල ආසාදනයන්, දියවැඩියාව හෝ පෙනහළු වල ආසාදනයන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ.
නිය හරහා කළු පැහැති ඉරි ඇතිවීම
මෙමගින් සමෙහි පිළිකා පිලිබදව අනතුරු අගවනු ලබයි. මේ පිලිබදව පෙර දැනුවත් වීමකින් යුතුව ප‍්‍රතිකාර මගින් සුවයක් ලබාගත හැකි වේ.
නිය අවට ඉදිමීම සහ වේදනාව ඇති වීම
මෙය සිදු වන්නේ ඔබ විසින් නිසියාකාර ලෙස නිය පිරිසිදු නොකිරීම නිසයි. නමුත් මෙම තත්වය ඔබගේ සෑම ඇගිල්ලකම සිදුවන්නේනම් ඔබට යම්කිසි ආසාදනයක් ඇතිවී ඇත. මේ සදහා ඔබ ප‍්‍රතිකාර ලබාගත යුතුවේ.
නිය පිම්බීම
මෙම තත්වය රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය මදි වීම නිසා ඇති විය හැකි අතර මෙමගින් බරපතල පෙනහළු ආසාදනයන්ගේ රෝග ලක්ෂණද පෙන්නුම් කරනු ලබයි. තවද මෙමගින් බහිශ‍්‍රාවීය ගැටළු, හෘද රෝග සහ අක්මා රෝග වල රෝගලක්ෂණද පෙන්නුම් කරනු ලැබේ.
නිල් පැහැයට හැරුණු නිය
ඔබගේ නිය නිල් පැහැයට හැරී ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබගේ ශරීරයට ලැබිය යුතු ඔක්සිජන් ප‍්‍රමාණය නොලැබෙනවා කියාය. මෙමගින් පෙනහළු වල ගැටළු ඇතිවීමද අදහස් වේ.
නිය දෙපැත්තෙන් ඉහලට එසවීම
මෙම ආකාරයට නිය දෙපැත්තෙන් ඉහලට එසවීම මගින් යකඩ ඌණතාවය සහ නීරක්තිය පෙන්නුම් කරනු ලැබේ. තවද ඔබ ගන්නා ආහාර වල අඩංගු වන අධික යකඩ සංයුතිය “hemochromatosis” නමින් හදුන්වන අක්මා රෝගය ඇතිවීමේ ලක්ෂණද මෙයින් පෙන්නුම් කෙරේ.
නියමල්
මෙම තත්වය යම් කිසි ක‍්‍රියාවන්හී නිරත වීම මගින් හෝ තුවාල සිදුවීම මගින් ඇතිවන කම්පනයන් හේතුවෙන් ඇතිවේ. මෙය නිය පොත්ත වැවී මෙම ස්ථානය ඉවත්ව යන තුරුම ඉවත් කල නොහැක. තවද මෙය දිලීර ආසාදනයන් මගින්ද ඇති වේ.