එක් ප්‍රදේශයක රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු 15ක් නිරෝධායනයේ..

Covid-19 Quarantine
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Thaya

Thaya

Report

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය යටතේ පාලනය වන හැටන් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙකු (10) දින රාත්‍රියේ සිට රෝහල තුලම ස්වයං නිරෝධානයට යොමු කල බව එම රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය ජේ.අරුල් මහතා පැවසිය.

ඉකුත් (08) දින හැටන් ප්‍රදේශයේ පදිංචි රෝගියෙකු එකෝ පරික්ෂණයක් සදහා රෝහලට පැමිණ ඇති අතර , පසුව එම රෝගියාව ගිලන් රථයක් මගින් මහනුවර ශික්ෂණ රෝහල වෙත තවත් රෝගියෙකු සමග යොමු කිරිමෙන් පසු මහනුවර ශික්ෂණ රෝහලේදි එම රෝගියාගේ සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එකෝ පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිමට පැමිණ සිටි රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විම නිසා එම රෝගියාගේ ළගම ආශ්‍රිතයන් වු දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් , හෙද කාර්යය මණ්ඩලය සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

මේ අතර අසාදිතයාගේ හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.