කොවිඩ් තුන්වන රැල්ලේ ආසාදිතයින් ගේ හඳුනාගත් විශේෂ ලක්ෂණ කිහිපයක්

sri lanka Covid 19 Helth
By Sithumi May 11, 2021 11:52 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් පාලනයට භාවිත වන ක්‍රමවේද නැවත විමසීමට කොවිඩ් තාක්ෂණික කමිටුව රැස්වී තිබේ. එහිදී "අවදානම් තුන්වන අදියරට" මුහුණදීමට සුදුසු පරිදි තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වේ. එම කමිටුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්විය.

කොවිඩ්-19 තුන්වන අවදානම් තත්ත්වය හමුවේ ඇතිවන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබද පුරෝකථනයක් සිදුකිරීමටද මෙහිදී අවධානය යොමුවිය. දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%-28% ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් වන අතර එයින් 17%ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවට නිරීක්ෂණය වී ඇත. එයින් 4%-5%ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සදහා යොමු කිරීමට සිදුවන බව හඳුනාගෙන ඇත. කොවිඩ්-19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR සඛ්‍යතාව, නිරෝධායනය, රෝහල්ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබද අවධානය යොමුකරමින් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුවී තිබේ.

ඒ අනුව භාවිත කෙරෙන ක්‍රමවේද පිළිබඳ ව නැවත විමසා බැලීමකට ලක්කර ඇති අතර දැනට භාවිත කෙරෙන නිරෝධායන ක්‍රමවේදය නැවත විමසීමකට ලක්කරන ලද බව එම අමාත්‍යංශය පවසයි. පවතින අවදානම් තත්ත්වය මත මීට පෙර සංශෝධනය කරන ලද නිරෝධායන ක්‍රමවේදය වෙනුවට මුලින් ක්‍රියාත්මක කල මාර්ගෝපදේශ නැවත ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුවිය.

කොවිඩ් පාලනය සිදුකරන සමස්ථ ක්‍රියාවලිය විධිමත්ව නිරීක්ෂණය කෙරෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම (Monitoring Mechanism) කෙරෙහි අවධානය යොමුවූ අතර ඒ සදහා වෛද්‍ය උපාධිධාරින්ගේ සේවය ලබාගැනීමට සාකච්ඡා විය. ඒ සදහාම දුරකථන මෙහෙයුම් පද්ධතියක් (Telephone Monitoring System) සකස් කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා විය. මේ හරහා නිරන්තරයෙන් ජනතාවට දැනගැනීමට අවශ්‍ය කරුණු, උපදෙස් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට අදහස් පළවිය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now