පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ දෙදරු පියා...

Sexual Abuse
By Thaya Feb 25, 2021 05:47 PM GMT
Thaya

Thaya

Report

කන්දකැටිය පොලිස් වසමට අයත් කරඳගහමඩ ගම්මානයේ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 52ක් වු මීගහකිවුල කරදගහමඩ ගම්මානයේ පදිංචි දෙදරු පියෙකි. තම දරුවා සැකකාර පුද්ගලයා විසින් ලිංගික අපයෝජනයකට ලක්කළ බවට දරුවාගේ දෙමාපියන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (21) දින බදුල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපයෝජනයට ලක්වූ බව කියන දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ. කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.