එක් දරු පියා ඝාතනය මේ සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට

Corona virus srilank
By Sithumi Jun 21, 2021 10:52 AM GMT
Sithumi

Sithumi

Report

මිනුවන්ගොඩ ගමගෙදර ප්‍රදේශයේ සිදුවු ඝාතනය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) පෙරවරු 11ට පමණ සුඛෝපභෝගී රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක්ව හප්පා පසුව ඔහුව තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබුණි.

එලෙස ඝාතනයට ලක්වුයේ 22 හැවිරිදි ලක්ෂිත ලක්මාල් නැමති එක්දරු පියෙකි. අදාළ සිදුවීමෙන් කුපිතවූ මියගිය පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් ප්‍රදේශයේ නිවාස දෙකක් ගිනිතබා සම්පූර්ණයෙන් විනාශ කර ඇති අතර තවත් නිවසක දේපළ රැසකට හානි සිදුකර තිබුණි.

ඝාතනය සිදුකළ පිරිස මේවන විට පළා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය මෙහෙයුමක් දියත්කර තිබේ. සිව් වසරකට පෙර සරුංගල් යැවීමේ දී ඇතිවු ගැටුමක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් එකම පවුලක පියා සහ පුතුන් දෙදෙනා ව මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනය සමඟ නොසන්සුන් වු ජනතාව පාලනය කිරීමට අද දිනයේ දීත් එම ප්‍රදේශයට පොලීසියෙන් හා විශේෂ කාර්ය බළකායෙන් යොදවා තිබුණි

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now