යතුරුපැදිකරු ගොදුරු වූ මාරක රිය අනතුර

Accident
By Thaya Apr 08, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී අද (08) අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙරු පියෙකුට දිවි අහිමි විය. ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක සහ වෑන් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණි. ඔහු ගමන් කළ යතුරුපැදිය පළමුව මෝටර් රථයක වැදී විසිවී ඇති අතර පසුව හොරණ දෙස සිට පැමිණි වෑන් රථයක ගැටී තිබුණි. අනතුරෙන් 44 හැවිරිදි දෙදරු පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි. පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගත් බවය.