කොටින්ගේ යුද අපරාධවලට සාක්ෂි ඇතැයි පවසා යාපනයේ උපවාසයක්…

Jaffna LTTE
By Thaya Mar 16, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

යුද සමයේදී කොටි සංවිධානය විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි ඇති බවටත් එම සාක්ෂි ජාත්‍යන්තරයට ඉදිරිපත් කල යුතු බව පවසමින් යාපනය පොලීස් ස්ථානය ආසන්නයේ පුද්ගලයෙකු අද (16) දින උපවාසයක නිරතව සිටියි. ඩීමන් ආනන්ද නොහොත් බඹරා යන අන්වර් ථ නාමයෙන් හඳුන්න මෙම පුද්ගලයා මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ වන අතර ඔහු තනිවම මෙම උපවාසය ආරම්භ කොට ඇත.

උපවාසයේ නිරත වෙමින් මෙම පුද්ගලයා වැඩිදුරටත් පවසා සිටින්නේ යුද සමයේදී ආරක්ෂක අංශ වෙතින් සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් ඇතැම් දේශපාලඥයින් සහ සංවිධාන විසින් ජිනීවා සැසියේ ඇතුලු ජාත්‍යන්තරයේ කතාබහ කලද මේ වනතුරුත් කිසිවෙකුත් කොටි සංවිධානය විසින් සිදු කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් කතාබහ නොකරන බවටත් අවධානයක් යොමු නොකරන බවටත්ය.

එමෙන්ම යුද සමයේදී කොටි සංවිධානය විසින් උතුරේ මෙන්ම දකුණේද පැහැරගැනීම් ඇතුලු යුද අපරාධ විශාල ප්‍රමාණයක් සිදු කොට ඇති බවට සියලු ශ්‍රීලාංකිකයින් දන්නා කරුනක් වන අතරම තමන් සමීපයේ එම අපරාධයන්හි සාක්ෂිද ඇති හෙයින් ඒවා ජාත්‍යන්තරයට වුවද ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ සඳහා නාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍ය තුමන් හමුවීමට අවස්ථාවක් සලසා දෙන ලෙස පවසමින් මෙම පුද්ගලයා උපවාසයේ නිරතව සිටියි.