අදත් පීඩිත ගොවියන් දීර්ඝ පෝලිම් වල

hatton nuwara eliya fertilizer department of agarian servce
By Sewvandhi May 18, 2021 03:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් රසායනික පොහොර ලබා ගැනිම සදහා නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථාන කාර්යාල ඉදිරිපිට (18) දින උදැසන සිට රැදි සිටියදි එම ගොවින්ගේ ඉල්ලුමට සරිලන හෝ වගාවට රසායනික පොහොර නොලැබුණු බවට එම ගොවින් චොදනා කර සිටියි.

නුවරඑලිය ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 29 ක මහ පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින් දස දහසකට වැඩි ප්‍රමාණයක් සිටින අතර , ඔහුන් කාලයක් තිස්සේ රසායනික පොහොර භාවිතා කරමින් එලවළු වගාව ජිවනෝපාය වශයෙන් සිදු කරගෙන යනු ලබයි.

නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට (18) දින ටි.ඩි.එම් වර්ගයේ පොහොර මිටි 100 ක් , යුරියා පොහොර මිටි 50 ක් සහ කොළ පොහොර සදහා අදේශක පොහොර වශයෙන් භාවිතා කරන පොහොර මිටි 200 ක් ලැබුණු බවයි නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

මුදල් ගෙවා රසායනික පොහොර ලබා ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් කියා සිටියේ ගොවිජන සේවා දෙපර්තුමේන්තුව මගින් (18) දින පොරොත්තු ලේඛනයේ සිටි ගොවින් කිහිප දෙනෙකුට පොහොර නිකුත් කල බවත්, නිකුත් කල එම පොහොර වි වගාව සදහා භාවිතා කරන රසායනික පොහොර බවයි.

එම රසායනික පොහොර එලවළු වගාවට භාවිතා කල නොහැකි බවත්, නිකුත් කල යුරියා පොහොර තම වගාවට ප්‍රමාණවත් නොවන බවයි. පොහොර ලබා ගැනිමට නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණි ගොවින් දිගු පොලිම් වල පැය කිහිපයක් රැදි සිටිහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now