රජයේ වාර්තා බොරු… කොරෝනා රට පුරා පැතිරිලා..- මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කියති..
Covid-19
Police
By Thaya
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධව බලධාරීන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ වෛරසය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවයි. මේ පිළිබඳව නිවැරදි තොරතුරු සොයා නොබලා ඇතැම් නිලධාරීන් සංඛ්‍යා ලේඛන මත කටයුතු කිරීමෙන් තත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයිද ඔහු පැවසීය.
බිම් මට්ටමේ සත්‍යය තොරතුරු අවශ්‍ය නම් රජයේ වගකිවයුතු අංශ තම සංගමය සමග සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ භවතු බවද ඔහු පෙන්වා දෙයි. මෙතෙක් බස්නාහිර පළාතට බලපා තිබූ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම පැතිරී ගොස් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය