පොලීසියට ව්‍යාජ දුරකතන ඇමැතුමක් දුන් තරුණිය ට වැඩ වරදි

arrest police bomb fake call dankottuwa
By Sewvandhi Apr 19, 2021 02:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දංකොටුව පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ව්‍යාජ දුරකතන ඇමතුමක් ලබා දුන් බව කියන තරුණියක්ව සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ( 18 ) රාත්‍රීයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව – මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්.

දංකොටුව පොලීසියට බෝබ්ම ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පිරිසක් කොළඹ සිට පැමිනෙමින් සිටින බව පොලිස් හදිසි ඇමතුම් අංශයට 18 වැනිදා රාත්‍රීයේ දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම ලබා දුන් දුරකතන අංකය ඔස්සේ විමර්ශණ කටයුතු සිදු කර ඇති වෙන්නප්පුව පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන පණිවිඩය ලබා දී ඇති දුරකතන ලියාපදිංචි කර තිබී ඇත්තේ නාවලපිටියේ පදිංචි අයෙකුගේ නමටයි. නමුත් එම දුරකතනය පාවිච්චි කරණු ලබන්නේ සැකකාරිය විසින් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී තහවුරු වී තිබෙනවා. නාවලපිටියේ පදිංචි තම සහෝදරිය නිවසට පැමිණ සිටි බවත්,කව්රුන් විසින් මෙම ඇමතුම ලබා දුන්නාද යන්න තමන් නොදන්නා බවත් සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. කෙසේවෙතත් දංකොටුව පොලීසිය සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.