ගිලුණු නැව ගැන ව්‍යාජ Facebook සටහනක්
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම අවසන් ඉරුදිනකම ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(17) පස්වරුවේ නියෝග කර තිබෙනවා.
ඒ, සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේයි. එලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් එහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බව, සැකකරු පිළිගත්තා. එහිදි සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු කියා සිටියේ තම සේවා දායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය භාවිතා කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිම සම්බන්ධයෙන් සහ කොරෝනා වසංගතයයේදි රජය දිගින් දිටම අකාර්යමක්ෂව කටයුතු කර ඇති බව පලකිරිම මිස කිසිදු අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත්කර නැති බවයි.
ඒ හේතුවෙන් සැකකරුට ඇප නියම කරන ලෙස නිතිඥවරු ඉල්ලා සිටියා. සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළා. වැඩිදුර විභාගය ජුලි 29 වැනිදාට කල් තැබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |