බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවාමාරු කරගන්න මුහුණු පොතේ ගිණුම් හැදු ගුවන් සෙබළා

soldier facebook mathugama harassment
By Sewvandhi May 15, 2021 01:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක් කළ බව කියන 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියමකර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක්කර ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ පිළිබඳව ලැබී තිබුණු පැමිණිලි අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා සාමාජිකයෙකු වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය. මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now