හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ අයට වැඩ වරදී

fake online galkissa credit cards temple roard
By Sewvandhi Jun 21, 2021 02:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙව්මේදී වංචාවන් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙක් ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා අතර චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයින් තිදෙනා මහනුවර, ගල්කිස්ස, සහ වරකාපොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ අලෙවිකරණ ආයතනයකින් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් චීන ජාතිකයාගේද සහාය ඇතිව ව්‍යාජ ලෙස ක්‍රෙඩිට් කාඩ්පත් නිර්මාණය කරන ඇති බවටයි.

ඔවුන් විසින් සාදන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 30ක් පමණ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

දින දෙකක කාලයක් තුල ඔවුන් විසින් මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේදී රුපියල් හත්ලක්ෂ අසූ හත්දහසක පමණ මුදලක් වංචාකර ඇති බවටයි හෙළිවී ඇත්තේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (21) ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now