දෙවනගලට යළිත් අන්තවාදීන්ගේ ප්‍රහාර

Religion
By Thaya Feb 15, 2021 06:37 PM GMT
Thaya

Thaya

Report

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයට යළිත් වරක් අන්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. මාවනැල්ල – ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ ඉතිහාසය මකා දැමීමට අන්තවාදීන් කලක පටන් විවිධාකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සිටිනවා. පුරා විද්‍යා ස්මාරකයක් ලෙස නම් කොට ඇති මෙහි ස්ථාපිත සෙල්ලිපි විවිධ රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කිරීමට ඔවුන් උත්සාහ ගන්නේ ඒවායේ දෙවනගලට අයත් ඉඩම් පිළිබද විස්තර සටහන් කර ඇති නිසාවෙන්. දෙවනගල රජමහා විහාරස්ථානය ආශ්‍රිතව සිදුවන ඉඩම් ආක්‍රමණ ඇතුළු පුරා විද්‍යා විනාශයන් අප සී.අයි.ඒ.හරහා දිගින් දිගටම අනාවරණය කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රජපක්ෂගේ අවධානයද ඒ පිළිබද යොමු වුණා. ඒ අනුවයි බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව හරහා විහාරස්ථානය සතු භූමි නිරවුල් කිරීමේ පළමු අදියර සදහා මුදල් වෙන්කෙරුණේ. එම මුදල් ප්‍රතිපාදන හරහා කෑගල්ල දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය මගින් දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් හදුනාගෙන මායිම් කණු සිටුවීම පසුගිය කාලයේ සිදුකෙරුණා.