මහනුවර අකුරණ ප්‍රදේශයේ හදිසි ජලගැලීම් තත්ත්වයක්...මහජනතාවට විශේෂ දැනුම් දීමක්.
Weather
Mahanuwara
By Thaya
මහනුවර අකුරණ ප්‍රදේශයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් මහනුවර සිට මාතලේ දක්වා ගමන් ගැනීමේදී විකල්ප මාර්ග භාවිත කරන මෙන් ආපදා කළමණාකරන දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.
මෙලෙස ගංවතුර තත්ත්වයක් මතුව ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට පවතින මිලිමීටර් 100 ඉක්මවු වැසි හේතුවෙන්.
විකල්ප මාර්ග ලෙස වත්තේගම හරහා මාතලේ දක්වා ගමන් කිරීමට හැකි බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.