ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ගත් තීරණය

puttalam high court wanathawilluva explosives laktovaththa
By Sewvandhi Apr 29, 2021 01:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව සොයාගත් පුපුරන ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව පුත්තලම් මහාධිකරණයේදී අද (28) නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

එම සැකකරුවන්ට එරෙහිව සිදුකළ විමර්ශනවලින් අනතුරුව චෝදනා 14ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිචෝදනා ගොනුකළ බව වාර්තා වේ. පුපුරන ද්‍රව්‍ය එකතු කිරීම සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානයක් නඩත්තු කිරීම ඇතුළු චෝදනා ඊට ඇතුළත් වේ.

වනාතවිල්ලුව, මංගලපුර, කරඩිපූවල්හි ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව වළලා තිබියදී පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, සහ ඩෙටනේටර් 100 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2019 ජනවාරි මස 16 වැනිදා සිය භාරයට ගනු ලැබීය.

මෙලෙස අධිචෝදනා ගොනුකළේ, මොහොමඩ් මුෆීස්, මොහොමඩ් හමාස්, ගෆූර් මාමා, ඊබ්‍රාහිම් සදීක් අබ්දුල්ලා, ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් සහ මොහොමඩ් සාජිඩ් යන පුද්ගලයින්ට එරෙහිවය.

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක, දැනට මියගොස් සිටින සහරාන් හෂීම් සහ මොහොමඩ් හස්තුන්ට එරෙහිව ද මෙහිදී අධිචෝදනා ගොනුකර තිබේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi