වැලන්ටයින්දා පැවැත්වු ෆේස්බුක් සාද දෙකක් සුරාබදු නිලධාරීන්ට කොටු..
වැලැන්ටයින් දිනය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබු සාද දෙකක් මිරිස්ස ප්‍රදේශයේදී වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් මිලි ලීටර් 31220 ක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් වැලන්ටයින් දින රාත්‍රියේ අදාල සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබු ස්ථාන වටලන අවස්ථාවේ දී එක් ස්ථානයක බලපත්‍රලත් ස්ථානයක නියමිත ස්ථානවලින් තොරව විදේශීය මත්පැන් අලෙවි කරමින් සිටියදී බලපත්‍ර ලාභියා අත්අඩංගුවට ගෙන ඇත. අදාල බලපත්‍ර ලාභියා ඉදිරියේදී දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කොට පෙර වැරදි සලකා බලා බලපත්‍රය අත්හිටවීමට හෝ දැඩි දඩුවම් පැමිණවීමට නියමිතය. බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය අනික් ස්ථානය වටලා එහි තිබු විදේශිය මත්පැන් සමගින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ,දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේමෙහෙයවීම මත,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,පරීක්ෂකවරුන්වන චන්න කුමාර , ලක්ෂාන් පෙරේරා ,සැරයන්වරුන්වන 621 සදරාජ්, 770 විරාජ්. කෝප්‍රල් 971 ගමගේ,නියාමක වරුන්වන 1031 උපුල් ,1059 සහන්, 1072 මිහිරංග, 1073 රොහාන්,1133 ජනිත්, 1186 ලහිරු රාජපක්ෂ .රියදුරු චතුරංග , සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.



