සෝදිසි මෙහෙයුමකදී මත් ජාවාරම් කරුවන් 7 ක් සුරාබදු නිලධාරීන්ට කොටු ...
හම්බේගමුව අලුත්වැව යන ප්‍රදේශවල කළ සොදිසි මෙහෙයුමකදී ගංජා හේනක් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවන් වටලා රුපියල් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකරුවන් 07 දෙනෙකු මොනරාගල සුරාබදු නිලධාරීන් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් ,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකුණු අයකු,බියර් විකුණු දෙදෙනකු, ගංජා වගාකළ සැකකරුවන් දෙදෙනකු හා කසිප්පු ළග තබාගෙන සිටි එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මොනරාගල සුරාබදු ස්ථානාධිපති ,දයානන්ද රංවල මහතා පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා මිලි ලීටර් 3000 ක් ,දගරයක් ඇතුළු පෙරණ උපකරණ තොගයක් සොයා ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
සැකකරුවන් වගා කර තිබු ගංජා හේනේ තිබු ගංජා ගස් 2900 ක් පමණ සුරාබදු නිලධාරීන් මෙහිදී ගලවා විනාස කර ඇත. නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මත්පැන් අලුත්වැව ,ගල්ඉගුරුයාය ඇතුළු ප්‍රදේශ ගනනාවකට ඉතා රහසිගතව බෙදා හරින බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනිමට සුරාබදු නිලධාරීන් සමත්වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙතඉදිරිපත් කිරිමට නියමිතය.
බදුල්ල සහකාර සුරාබදු කොමසාරිස් එන් .සුසාදරන් ,සුරාබදු අධිකාරී කපිල විජේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,මොනරාගල සුරාබදු ස්ථානාධිපති දයානන්ද රංවල ,මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු පරීක්ෂකවරුන්වන නලින් රාමනායක ,සමන්ත හෙන්නායක, සැරයන් අජිත් රත්නායක ,කෝප්‍රල්වරුන්වන 777 ජයසිංහ,836 දුමින්ද රත්නායක ,,නියාමක වරුන්වන 1187චානක මධුසංක,1189 ගිහාන් සේනාරත්න ,රියදුරන්වන හෙන්නායක ,රුවන් ඩයස් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.


