විභාග දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දුන් නවතම App එක
විභාග දෙපාර්තමේන්තුවට පැමිණ කරගත යුතුව තිබූ සියලු ම සේවාවන් තමා සිටින තැන සිට ජංගම දුරකථනය ඔස්සේ සිදු කර ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකි වන ආකාරයේ ජංගම දුරකථන යෙදවුමක් (Mobile-App) විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.
භාෂා ත්‍රිත්වයවයෙන්ම සමන්විත මෙම APP එක Exams Sri Lanka-DOE නමින් හඳුන්වා දෙමින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ සියලුම සේවාවන් නිවසේ සිට ජංගම දුරකථනය මාර්ගයෙන් සිදුකර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.
එම යෙදවුම මගින් ලබා ගත හැකි සේවාවන් පහත පරිදි වනවා.
මාර්ගගත ක්‍රමයට සහතික පත්‍ර අයදුම් කිරීම
ප්‍රතිඵල තහවුරු කිරීම,විභාග අංකය සෙවීම, ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම
ආයතනකික විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම හා බාගත කර ගැනීම
මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි (ප්‍රශ්නපත්‍රය සමඟ) හා ඇගයීම් වාර්තා බාගත කර ගැනීම
සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක බාගත කර ගැනීම
පුවත් සහ නිවේදන, විභාග දින දර්ශන, පසුගිය (ආසන්න වසර 05ක) විභාග ප්‍රශ්නපත්‍ර බාගත කර ගැනීම
අයදුම් පත්‍ර බාගත කර ගැනීම, මාර්ගගත විභාග පද්ධතිය (GIT – Online Examinations System), විභාග ප්‍රශ්නපත්‍ර බාගත කර ගැනීම
අයදුම්පත් කැඳවූ විභාග (අදාළ ගැසට් පත්‍ර), මාසික ආයතනික විභාග ප්‍රතිපල නිකුත් කිරීම,ප්‍රතිපල ලේඛන බාගත කිරීම.
(Online Application Module) මාර්ගගතව පාසල් විභාග සඳහා අයදුම් කිරීම, මාර්ග ගත ව ආයතනික විභාග සඳහා අයදුම් කිරීම
පහත ලින්ක් එක හරහා එම App එක ඔබට Download කරගත හැකියි.
https://play.google.com/store/apps/details?id=lk.dialog.doenets_mobile&hl=en&gl=US
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
