SI අවසන් වරට ලියා තිබූ දේ...පදක්කම් තියෙන නිල්පාට BOX එක යට තිබ්බ කොළ වලින් සියල්ල හෙළිවෙයි

Police
By Thaya Mar 03, 2021 05:16 PM GMT
Thaya

Thaya

Report

කොළඹ, වේල්ල වීදියේ ගමන් බෑගයකින් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ හිස කොටස මේ දක්වා සොයා ගෙන නොමැති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් එම කාන්තාවගේ හිස සොයා අඛණ්ඩව පොලිසිය මෙහෙයුම් සිදුකරනු ලබනවා. ඝාතනයට ලක්වු කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි මෙම 30 හැවිරිදි කාන්තාව සිරිපාද වන්දනාවේ යන බව පවසමින් පසුගියදා නිවසින් බැහැරව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වසර කිහිපයකට පෙර ඇය එම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කර ඇති අතර, පසුව තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතව ඇති බවට කරුණු වාර්තා වනවා. මියගිය කාන්තාවගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ සියදිවි හානිකර ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇමති ආරක්ෂක සේවයට අනියුක්තව වසර 15 ක කාලයක් සේවය කර තිබෙනවා. සැකකරු කලක් සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අනතුරුව සැකකරු බුත්තල පොලිස් ස්ථානයට අනියුක්තව මාරුකර යවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. 52 හැවිරිදි සැකකාර උප පොලිස් පරික්ෂකවරයා තිදරු පියෙක්. ඔහුට අවුරුදු 24 හා 16 යන වයස් කාණ්ඩවල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු හා 20 හැවිරිදි දියණියක් ද වන බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරියා සිය මවගේ දානමය පින්කම සඳහා නිවාඩු අවශ්‍ය බව පවසා දින 06 ක නිවාඩු ලබාගෙන සේවා ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට හෙළිවී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා විසින් සිය බිරිඳට ලිපියක් ද ලියා ඇති බවත් එහිදී ඔහු මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සමග අනියම් ඇසුරක් පැවැත්වූ බවට කරුණු සනාථ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. " තමාගේ ආදරය වෛරයකට පෙරළුනු බවත් ඒ නිසා මෙවන් තීරණයක් ගැනීමට සිදුවූ බවත් තමන්ට සමාවන ලෙසත්" සියදිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිඳට ලියා තබා තිබු ලිපියේ සඳහන්ව ඇති බවට වාර්තා වනවා. එමෙන්ම තමාගේ බැංකු ගිණුම් විස්තර ද ඔහු එම ලිපියේ සටහන් කොට තිබු බවයි වාර්තා වන්නේ. එස්.අයි විසින් බිරිඳට ලියා තිබූ ලියුම මෙන්න.


GalleryGalleryGalleryGallery