එළබෙන දුර්ලභ නැකතට සියලු දෙනාම පැළ රෝපණය කර ඵල ලබන්න..

Plant
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පැවැත්වෙන අප්‍රේල් මාසයේ 16 දින පෙරවරු 6.40ට වගාව සඳහා උචිත දුර්ලභ නැකතක් උදා වෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සැකසීමේ විද්වත් කමිටුව විසින් අවුරුදු නැකැත් සීට්ටුවට මෙම නැකත ඇතුළත් කර තිබෙනවා.

එදිනට අපේ රටේ සියලු දෙනාම තම ගෙවත්තේ මුළු රටම එකම වේලාවක පැළයක් රෝපණය කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අප්‍රේල් 16 දිනට යෙදෙන මෙම නැකත ඉතා විශිෂ්ට නැකතක්. ඒ නිසා අපි “නැකතට පැළයක්” යනුවෙන් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. අපේ රටේ පවුල් මිලියන 5.2ක් සිටිනවා. අඩු තරමින් ඉන් මිලියන 03ක් හෝ 04ක් වත් පැළයක් රෝපණය කිරීමට පියවර ගතහොත් අපේ රට වනගහණය ඉහළ නැංවීමට කටයුතු කළ හැකියි.

මෙම නැකතට රෝපණය කිරීම සඳහා කොස් , අඹ හෝ ඕනෑම පැලයක් දැන්මම සකස් කර තබා ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිනවා. කිරි ගහට ඇන්නා වාගේ ඵල දරන්නට උචිත මෙම නැකතේ දී හැම ගෙවත්තකම පැළයක් රෝපණය කිරීම ආර්ථිකයට වගේම පරිසරයටත් වැදගත් වෙනවා.

එමනිසා පරිසර අමාත්‍යාංශය වශයෙන් අපිත් කල් තියා පැළ සකසා ගැනීමට අවශ්‍ය බීජ රෝපණය කිරීමේ වැඩ සටහනක් ලබන සතියේ ක්‍රියාත්මක කරනවා යැයිද අමාත්‍යවරයා කීය.