කොවිඩ් නිසා පාසල් තුළ පැවැත්විය නොහැකි උත්සව සහ වැඩසටහන් මෙන්න..

Covid-19
By Thaya Feb 17, 2021 05:02 PM GMT
Thaya

Thaya

Report

පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන වැඩසටහන් හා බාහිර පුද්ගලයන් සමග ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් තහනම් කරනු ලැබ තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ඒ අනුව පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් පැවැත්වීම තහනම් වන බවයි.

එසේ වුව ද පාසල් තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී වැඩසටහන් එනම් කථික තරග, විවාද තරග, රුක් රෝපණ වැඩසටහන් වැනි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකාල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදු කරන වැඩසටහන් සම්බන්ධයෙන් ඉහත තහනම බල නොපැවැත්වෙනු ඇති.

ReeCha