කාලගුණික වෙනස්කම් නිසා සිදුවන බලපෑම් සම්බන්ධව යුරෝපා සංගමයේ අවධානය-

Climate
By Thaya Feb 10, 2021 06:31 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගමය විසින් පත් කර තිබෙන නියෝජිත කණ්ඩායමේ තානාපති Denis Chaibi and Minister Councillor – Head of Cooperation Frank Hess යන මහත්වරු අද දින (10) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කළේය.මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අංශ කිහිපයක ප්‍රධානීන් ද සහභාගි වී සිටියහ. මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජනතාවට බලපාන ප්‍රධාන කාරණයක් වන කාලගුණික බලපෑම් නිසා නිතර මුහුණ දෙන වියලි කාලගුනික තත්ත්වය,ගොවිතැනට අවශ්‍ය ජල හිගකම හා නව තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා හඳුන්වා දීමයි.

එමෙන්ම ප්‍රවාහණ , විදුලිබල ආදි වශයෙන් ග්‍රාමීය සංවර්ධනය, හා සමාජ සාධාරණත්වය පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් හා පොලිතීන් නියාමණය සඳහා මේ වනවිට රජය විසින් තිරසර පාරිසරික වැඩපිළීවෙළක් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම හරිත නගර ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බව කී ලේකම් වරයා අප රටේ පාරිසරික සංවර්ධනය සඳහා ගෙන යන වැඩ පිළීවෙළට යුරෝපා සංගමයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී අදහස් පළ කළ නියෝජිත කණ්ඩායමේ තානාපති Dennis Chaibi මහතා යුරෝපා රටවල් විසින් වායු විමෝචනය සඳහා භාවිතා කරන නව තාක්ෂණය මෙන්ම කාලගුණීක විපර්යාස නිසා ජනතාව මුහුණු දෙන ගැටළුවලට නව තාක්ෂණය මගින් විසඳුම් ලබා දීම සඳහා ද පියවර ගන්නා බව සඳහන් කළේය.

මෙහිදීඅපේ රටේ ජනතාව, ආර්ථික සමෘද්ධිමත්භාවය ලගා කර ගැනීම , සාමය හා නීතිය බල ගැන්වීම ආදි කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයඅ දහස් හුවමාරු කර ගනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජය විසින් සංවර්ධන ව්‍යාපෘති රැසක් කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද ආරම්භ කර ඇති බවත්, එම වැඩ පිළීවෙළට යුරෝපා සංගමය විසින් මෙතෙක් ලබා දුන් සහයෝගය අගය කරන බවත් ප්‍රකාශ කළේය. රටවල් 22 ක සහභාගිත්වයෙන් පවත්වන ලද 24 වන Asia – Pacific Network for Global Change Research (APN) සමුලුවේ අන්තර් රාජ්‍ය නියෝජිත හමුවේ සභාපතිත්වය පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් වී තිබේ.

මෙම සමුළුව පෙබරවාරි මස 05 දින සිට 09 දක්වා පැවැති අතර එම සමුළුවට එක්සත් ජනපදය, ජපානය, කොරියානු සමුහාණ්ඩුව, නවසීලන්තය, ඇතුළු රටවල රජයන් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගි වුහ. මෙම සමුළුව මගින් ලෝකයේ රාජ්‍යයන්හි ප්‍රතිපත්ති මුලික කර ගත් පර්යේෂණ හා ධාරිතාවන් ප්‍රවර්ධනය ඉළක්ක කර ගනිමින් පැවැත්වේ. එමෙන්ම විද්‍යාත්මක කාරණා ප්‍රවර්ධනයේ දී එම රාජ්‍යයන් දිරිමත් කිරීම, කලාපීය සහයෝගිතාවය වර්ධනය කිරීම ද අපේක්ෂා කෙරේ.