වතු වැටුප 1000 ක් / නව අධිවේගී මාර්ගයක් / කොවිෂීල්ඩ් මාත්‍රා ලක්ෂ 05 ක් / නව අධිකරණ 100 ක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර පඩි පාලක සභා මගින් ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
2021 අයවැයටද ඇතුළත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිවී ඇත්තේ.
මේ අතර ඉදිරි වසර 03 තුළදී නව අධිකරණ ශාලා 100 ක් රට තුළ ඉදි කිරීමටද සැලසුම් කර තිබෙනවා.
දැනට ගොඩ ගැසී ඇති විශාල නඩු සංඛ්‍යාව කඩිනමින් විභාග කර අවසන් කිරීමයි එහි අපේක්ෂාව වී ඇත්තේ.
මේ අතර නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරන ලබන අධිවේගී මාර්ගයක් ඉදි කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටද නියමිතයි.
මේ අතර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අනිද්දා දිනයේදී දිවයිනට ළගාවීමට නියමිත බව ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් දැනුම්දී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙනවා.