සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට යයි...වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක්.

Hatton Maskeliya Mrs Pavithradevi Wanniarachchi
By Thaya Jan 07, 2021 10:19 PM GMT
Thaya

Thaya

Report

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

අද (07) පාර්ලිමේන්තුවේ දී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

"වතු ආශ්‍රිත සෞඛ්‍ය ආයතන වතු සමාගම් යටතේ පවතින නිසා ඉඩම් අත්පත්කර ගැනීමකින් තොරව සංවර්ධනය කිරීමට නෛතික බාධාවක් පවතී. මේ සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට අපි කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 5ක් විතර යනවා. ඒ නිසා මට එකපාරටම වෛද්‍යවරු හදන්න අමාරුයි. පවතින රෝහල්වලට වෛද්‍යවරු දෙන්නෙක් දාන්න පුළුවන් නම් හොඳයි. වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් ලංකාවේ තියෙනවා."