"ආයතනවලට අත්‍යවශ්‍ය ම සේවකයන් පමණක් කැඳවන්න...ඉදිරි සති තුන තීරණාත්මකයි"
ඉදිරි තෙසතියක කාලය මෙරටට තීරණාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ‘මව්බිම’ ට පැවසීය.
විශේෂයෙන් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍ය ම සේවකයන් පමණක් කැඳවන ලෙසත් සේවකයන් කැඳවන්නේ නම් ලබාදී ඇති උපදෙස් හා චක්‍රලේඛවලට අනුව කැඳවීම් සිදුකරන ලෙසත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.
විවාහ මංගල උත්සව, වෙනත් සැමරුම් උත්සව මෙන් ම ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු ජන ඒකරාශී වීම් තහනම් කොට ඇති පසුබිමක අසල්වැසි නිවෙස් හෝ මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද දැමීම, එක් රැස් වී ම්ද මෙම තෙසතියක කාල සීමාවේ සිදු නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියේ ය.
තමනුත්, නිවෙසේ අනෙකුත් අයත් කොරෝනා ආසාදිතයකු නොවීමට සියලු දෙනා වගකීම හා ස්වයං විනයකින් කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එසේ ම කොරෝනා ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශයන්ගෙන් පිටතට ඒමට හෝ ඒ තුළට ඇතුළු වීමට කිසිවකුට ඉඩ නොදෙන වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරයා අවධාරණය කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....