පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් හමුවේ

Covid-19
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Report

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී එම ආසාදිතයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

-------------------------

කොරෝනා රෝගීන් 5ක් පැන ගිහින්.. ඔවුන් අල්ලන්න පොලිස් හා හමුදා දැඩි මෙහෙයුමක්...කවුරුත් සීරුවෙන් ඉන්න

මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙනවිත් තිබූ කොවිඞ් ආසාධිත රැඳවියන් 05 දෙනකු පළා ගොස් තිබෙනවා.

අද අලුයම ඔවුන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 22 / 23 / 26 / 32 සහ 52 ක රැඳවියන් 05 දෙනෙකුයි.

ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවද පොලිසිය සඳහන් කලා.

පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුධ හමුදාව එක්ව පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

පසුගිය මාස 03 ක කාලය තුළ මේ අයුරින් පළාගොස් ඇති කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාව 13 ක් වන අතර ඉන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවටද අනාවරණ වී තිබෙනවා.