වැස්සත් එක්ක වසංගත රෝග ව්‍යාප්තියත් ඉහළට - කුඩා දරුවන් ගැනත් සැලකිලිමත් ද?..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani May 07, 2023 04:05 AM GMT
krishani

krishani

Report

පවතින වැසි සහිත කාලගුණයත් සමග ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ ය.

වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවත් ඒ සඳහා කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම වැදගත් බවත් ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha