ගේ අවට පිරිසිදු කර පැයකට වරක් රු. 5000 ක් දිනා ගන්න...කරන විදිය මෙන්න.

Sri Lanka Mahinda Amaraweera Dengue 5000 gift
By Aruna Jun 04, 2021 08:20 AM GMT
Report

ලෝක පරිසර දිනය හෙට (05 වැනිදාට) යෙදී ඇති අතර සෑම නිවසකම හෙට (5 වැනිදාට) සහ අනිද්දා (6 වැනිදා) ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා පරිසර දිනය සැමරීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන බවත්, සෑම නිවසකටම ඩෙංගු මදුරු මර්දනය සඳහා ‘‘හුස්ම පොදයි – පරිසරයයි’’ මැයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත්, පරිසර ඇමැති මහින්ද අමරවීර කීවේය.

මේ මස 05 වැනිදා සහ 06 වැනිදා තම නිවස අවට පරිසරය පිරිසිදු කරන අයුරු වීඩියෝ ගත කර පරිසර අමාත්‍යාංශයට එවන ලෙස පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටින බවත්, මේ දින දෙක ඇතුළතදී සෑම පැයකට වරක් පවුල් තුනක් තෝරා රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බවත් පරිසර ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now