එංගලන්ත නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයෙකු මෙරටින් හමුවෙයි?...සමෙනුත් පැතිරෙයි.

Corona Sri Lanka England
By Thaya Jan 13, 2021 06:38 PM GMT
Report

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා ප්‍රභේදය ආසාදිත යයි සැක සහිත අයෙකු පළමුවරට මේ රටෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිතයා එම ප‍්‍රභේදය ආසාදිතයෙකු නොවන බව දැනට පරීක්‍ෂණවලින් හෙලිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පුද්ගලයා එංගලන්තයේ සිට පැමිණි අයෙක් වන අතර හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නව කොරෝනා ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවයි.