මෙතෙක් හමු නොවූ අමුතු කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි...අවධානයෙන් සිටින්න.

Covid-19
By Thaya Mar 17, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

පිලිපීනයෙන් පළමු වරට වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් ඒ පිලිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර සිටියේ පිලිපීනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පසුගිය මාර්තු මස 09 චෙනිදා පළමු වරට මෙම නව නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වූ බවට තහවුරු කළ බවයි. E484K සහ N501Y ඇතුළු විකෘති කොවිඩ් ප්‍රභේදයන්ට ගණනාවක් මෙම නව කොවිඩ් ප්‍රභේදය සමග සම්බන්ධ බවට සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නව පිලිපීන කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති අතර ඉන් එක් සිද්ධියක් විදෙස් සංචාරයක නිරතව සිට පැමිණි අයෙක් බවත් අනෙක් සිද්ධිය සම්බන්ධව තවමත් විමර්ශන සිදුකරන බවයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර බ්‍රසීලයේ ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු ලන්ඩන් සහ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ වාර්තා කළේ. මේ වන විට මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අධිකාරිය ප්‍රකාශ කර සිටින්නේ.