ප්‍රධාන සුපිරි වෙළඳසැලකින් එකවරම ආසාදිතයන් 11ක් හමුවේ. ප්‍රදේශය දැඩි අවදානමක
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු 32 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ආසාදිතයින් අතරට නාගරික මන්ත්‍රීවරයෙක්, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ 20 දෙනෙක් සහ සුපිරි වෙළෙඳසැළක 11 දෙනෙකු ද අයත් ය. මේ හේතුවෙන් කැස්බෑව නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසූවේ, "මෙම ආසාදිතයින් සමග සමීපව ඇසුරු කරපු අය දින 14ක නිරෝධායනයකට යොමු කිරීමක් සිදු කරනවා," යනුවෙනි.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද එන්නත ලබාගෙන තිබේ. බදුල්ල පළාත් මහ රෝහලේ පිළිකා ඒකකයෙන් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇත. ඉන් එක් රෝගියෙකු කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පත්ම මහතා සඳහන් කළේය. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුකූලව බදුල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී ඊයේ (06) පස්වරුවේ සිදුකෙරුණි. "බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පළමු කොවිඩ් මරණය. එම පුද්ගලයා අවුරුදු 72න් වයසැති පිරිමි පුද්ගලයෙක්. පෙබරවාරි 19 වනදා රෝහල් ගතකර තිබෙනවා පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන්," යනුවෙන් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පත්ම මහතා පැවසීය.