යතුරු පැදි කරුට වන අලි ප්‍රහාරයක්

elephanat attack mulathiva motor bke maankulama murukandi
By Sewvandhi Jun 24, 2021 12:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුලතිව් මාන්කුලම් පොලිස් වසමේ පැරණි මුරුකණ්ඩි ප්‍රදේශයේදී ඒ- 9 මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක ගමන්ගත් අයෙකුට රාත්‍රියේ වනඅලියෙකු පහරදීමෙන් බරපතල තුවාල ලබා එක් අයෙකු රෝහල්ගත කොට ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පැරණි මුරුකණ්ඩි ප්‍රදේශයේ 236 වන කිලෝමීටර් කනුව අසලදී යතුරුපැදිය ධාවනය කරමින් සිටි සැකකරුට හදීසියේම කැලෑවේ සිට මාර්ගයට දිව ආ වන අලියෙකු යතුරුපැදිය පසුපස හඹා අවුත් එකවරම යතුරුපැදියට පහරදීමෙන් යතුරුපැදිකරු වැටී ඇත.

පසුව යතුරුපැදිය සමග වැටුනු පුද්ගලයා තුවාල සහිතව ඉතා අසීරුවෙන් පඳුරක සැඟවී ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිය සමීපයට ආ වන අලියා යතුරුපැදියට පහරදී පලා ගොස් ඇත.

අනනතුරුව යතුරුපැදිකරු මාර්ගයේ ගමන්ගත් අයෙකු විසින් මාන්කුලම් රෝහලට ඇතුලත් කොට ඇති අතර 32 හැවිරිදි යතුරුපැදිකරු බරපතල තත්වයේ සිටි නිසාවෙන් කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇත.

වනඅලියා පහරදීම සිදුකල ස්ථානයට ඊයේ රාත්‍රියේම කිලිනොච්චිය වනජීවි නිලධාරීන් පැමිණ වනඅලියා වෙනත් ප්‍රදේශයකට පලවා හැරීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදුකරන මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha