අලි අම්මා සහ පැටියව විදුලිසැර වද්දා මරලා දාලා

POLICE ELEPHANT BUTTALA ELECTROCUTED BURN
By Sewvandhi Apr 18, 2021 02:25 AM GMT
Report

බුත්තල ඔක්කම්පිටිය මිනිපුරගම හේනක දී ඇතින්නක හා පැටිවකු විදුලිසැර වැදිමට සලස්වා මරා පැටවා මැණික් පතලකට දමා ඇතින්න ගිණිතබා පුලුස්සා දැමිමට උත්සහදැරු පුද්ගලයෙක් මොනරාගල වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මිනිපුරගම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ගෘහස්ත විදුලිය ඇදිමෙන් වයස අවුරුදු 25ක් පමණ වන ඇතින්න හා වයස අවුරුදු එක හමාරක් වු පැටවා මියගොස් ඇති බවට සිදුකල මුලික පරීක්ෂණවලදි අනාවරණය වි ඇති තිබේ. ඇතින්න පිළිස්සිමට උත්සහදරා ඇති අතර අලි පැටවා මැණික් පතලකට දමා පස්වලින් වසා දමා තිබියදි වනජීවි නිළදාරින් විසින් සොයා ගන්නාලදි.